Popular Posts

Friday, January 28, 2011

හිනා මැව්වා හිතේ.......


දුරුතු මුල සුන්දරව
සතුටු කඳුළුම අරන්
අලුත් අවුරුදු කුමරු විලසින්
පැමිණියා ඔබ පැමිණියා
සිනහවේ එළියත් අරන්
මගේ ලෝකයෙ හෙට දිනේ
රළක් නති බොර දියක
පෙණ පොකුරු රළ නංවා
දහසකුත් පැතුම් පොදි
බැන්දුවා මගෙ හිතේ
මේ සෙනෙහෙ හමදාම
සිහි තබන් ඔබෙ හිතේ................

Saturday, January 22, 2011

ඔබ........

නිදි නැති දා
කාන්සියට
තෙලිතුඩ මැවු කවියයි
ඔබ.....
සිතිජ ඉමේ
ලා පාටින්
ඇදෙන රිදී එළියයි
ඔබ.....
තනිකම පිස
දෝර ගලන
නිල්වන් දිය රැල්ලයි
ඔබ.....
සිහින විමන්
දොරටු ඇරෙන
මුදු සැලමුතු පින්නයි
ඔබ.....
ළසෝ දුකේ ගිමන නිවන
ගත දැවටෙන හසරැලි
ඔබ.....
නිවන සිතේ
පතුම් වෙලා
සසරේ සෙවණැල්ලයි
ඔබ......

Thursday, January 20, 2011

හද බැඳි කවි....: දිවි තුරා පෙම් බඳිමි..............

හද බැඳි කවි....: දිවි තුරා පෙම් බඳිමි..............: "පන්හිඳෙන් ගලන්නෙ සිත් හැගුම් ඔබෙ නමිනි සෙනෙහසින් ලවන්නේ හද පවන් සිලිසිලි නැඟිනි තනුවකි..."

දිවි තුරා පෙම් බඳිමි..............

පන්හිඳෙන් ගලන්නෙ සිත් හැගුම් ඔබෙ          නමිනි
සෙනෙහසින් ලවන්නේ හද පවන් සිලිසිලි      නැඟිනි
තනුවකින් වයනේ සිත් සත් ස්වර                   රමණි
තුතිමලින් ලියන්නේ ඔබ වෙත මා                 කවියකිනි

ඔබෙ පියවර මතින් පියමැන ලෝකය               දකිමි
හැර දමා යනු කෙලස මම ඔබෙ ලෝකයම        වෙමි
නෙත් දියෙන් මහිමියනි ඔබෙ පා යුග                දොවමි
දිවිතුරා ඔබෙ නමට නොනිමි ලෙස පෙම්            බඳිමි

නිමා නොවන ආදරය...

කෙලස අමතක කරම්
මොහොතකුදු සිතින්
මා ඔබ නොව
ඔබ මා හැර ගියත්...
මුල හොදට අති කළ
කැපූ ගස් යළි ලියලන ලෙසින්
සිතේ බැඳි ආදරය
නිමක් නොවනා හෙයින්
සිතේ සිතුම් ඔබ ගැනමයි
නෙතක දසුන් ඔබ අයදියි
කෙතරම් කීවත්
සිතට තව මදියි
කීමට දෙයක් ඉතිරි වෙයි
මටම නොතෙරේයි
ඒ ආදරයටදැ යි................