Popular Posts

Thursday, January 20, 2011

දිවි තුරා පෙම් බඳිමි..............

පන්හිඳෙන් ගලන්නෙ සිත් හැගුම් ඔබෙ          නමිනි
සෙනෙහසින් ලවන්නේ හද පවන් සිලිසිලි      නැඟිනි
තනුවකින් වයනේ සිත් සත් ස්වර                   රමණි
තුතිමලින් ලියන්නේ ඔබ වෙත මා                 කවියකිනි

ඔබෙ පියවර මතින් පියමැන ලෝකය               දකිමි
හැර දමා යනු කෙලස මම ඔබෙ ලෝකයම        වෙමි
නෙත් දියෙන් මහිමියනි ඔබෙ පා යුග                දොවමි
දිවිතුරා ඔබෙ නමට නොනිමි ලෙස පෙම්            බඳිමි

No comments:

Post a Comment