Popular Posts

Saturday, January 22, 2011

ඔබ........

නිදි නැති දා
කාන්සියට
තෙලිතුඩ මැවු කවියයි
ඔබ.....
සිතිජ ඉමේ
ලා පාටින්
ඇදෙන රිදී එළියයි
ඔබ.....
තනිකම පිස
දෝර ගලන
නිල්වන් දිය රැල්ලයි
ඔබ.....
සිහින විමන්
දොරටු ඇරෙන
මුදු සැලමුතු පින්නයි
ඔබ.....
ළසෝ දුකේ ගිමන නිවන
ගත දැවටෙන හසරැලි
ඔබ.....
නිවන සිතේ
පතුම් වෙලා
සසරේ සෙවණැල්ලයි
ඔබ......

No comments:

Post a Comment