Popular Posts

Friday, December 24, 2010

ජීවිතය නම් කව.............

දවසේ පිටු එකිනෙක පෙරළෙයි
ගෙවෙයි දින සති මාස
මුවහත් වෙයි පරිණත වෙයි
ජීවිතය.........


දුක සැප අටලෝ දහමට
යට වු මේ ජීව්තයේ
සතුටුම සැමරුම්
අමුණමි කවි ලෙසට


ලියමි ලියමි නොනැවතී
මට ම රසවත් වූ
'ජීව්තය' නම් කව


පෙරළමි නැවත බලමි
මේ කව
සොයමි 'හොඳම' පද පෙළ
ඔබ වෙනුවෙන් ලියූ................


නොදනිමි කෙදින
කෙසේ අවසන් කරම්දැයි
ජීවිතය නම් කව..........................

1 comment: