Popular Posts

Friday, December 31, 2010

නෙළන ආදර 'මල්'

ගස මුදුනේ 'මල්' නෙළ නෙළ
මා පහළට දමන්නේ
නෙළන ලියන් නිකමටවත්
නොමැත පහළ බලන්නෙ
ඔබගේ පැසටයි මෙමා
සදට මල් නෙළන්නෙ
මලින් පිරුණු පැස අරගෙන
නැහැනේ වෙනත ඇදෙනෙ

Tuesday, December 28, 2010

අතීතයට තිත.

කතාව කියා නිම කර
කඳුලු ඔබ හට උරුම කර
කියා අවසන් කර වැසුවා
නරකම අතීත කතා පොත
දහසක් පැදි බැන්දත්
ලියා නිමා කල නොහැක
කිව යුත්තෙ එකමය
මෙයයි ඔබ මා හට කල
පුදුම........... වටිනාම............ ලොකුම දෙය.
කිසිම කොල්ලෙක්ට කල නොහැක
වරදට සමාව අන් කිසිවක් නොපත
තවත් දෙනුයෙ කෙලෙසද
පෙලිත්කවත් කඳුලක් නුබට..................

Saturday, December 25, 2010

ඔබයි මගෙ ජීවිතය

ජීව්ත පොතේ පිටු අතර
අතරමං වූ කලෙක
අළුත් පිටුවක
සොඳුරු දසුනක්
මැව්වා ඔබ මට
ගෙවෙන හැම මොහොතකම
පෙම්වතකු පමණක්ම විය
විටක මිතුරෙක් විය
ව්ටෙක සොයුරෙක් විය
විටෙක මට පියෙක් විය
නොසිතූ මොහොතක
නොසිතූ විලසක
පැමිනියේ මාවෙතට
එප මා හැර යන්න
බලා ගන්නම් ඔබව
මම දෙනෙත් විදාගෙන
එපා වෙන්වන්න නම්
මොහොතකදු සබඳ
ඔබයි මගෙ ජීවිතය..............

Friday, December 24, 2010

ජීවිතය නම් කව.............

දවසේ පිටු එකිනෙක පෙරළෙයි
ගෙවෙයි දින සති මාස
මුවහත් වෙයි පරිණත වෙයි
ජීවිතය.........


දුක සැප අටලෝ දහමට
යට වු මේ ජීව්තයේ
සතුටුම සැමරුම්
අමුණමි කවි ලෙසට


ලියමි ලියමි නොනැවතී
මට ම රසවත් වූ
'ජීව්තය' නම් කව


පෙරළමි නැවත බලමි
මේ කව
සොයමි 'හොඳම' පද පෙළ
ඔබ වෙනුවෙන් ලියූ................


නොදනිමි කෙදින
කෙසේ අවසන් කරම්දැයි
ජීවිතය නම් කව..........................

Thursday, December 23, 2010

පෙම්වතිය....

ඔබ හට පමණක්
පෙම්වතිය වී
සෙසු සැම හට
සහෝදරියක වන්නම්
පිය සබඳ...........
ඉනික්බිති
වෙසෙන්නම්
දයබර බිරිඳකව
නොයා කිසිදා
ඔබ හැරද.......................................