Popular Posts

Saturday, February 5, 2011

ඔබ..


එකලු කල නදුනුයන
සඳුන් හර ඔබ වන
නෙත් රුවින් දනවන
කුසුම් කැන ඔබ පිපෙන
විඩාවට සෙවණම දෙන
තුරු සිරස ඔබම වන
හසරැල්ල;
කඳුලැල්ල;
දෙකම සමඟම සිටින
ජීවන කවියේ 'කුසුම'
ඔබයි.... මා හදේ පිපුන.

Thursday, February 3, 2011

දිවි ගෙවමු 'අපි' ලෙසින්....


දඟකාර යෞවනය
ගෙවන බව හැබෑමයි
තුරුණු විය එළඹිලා
ඒ බවත් ඇත්තමයි
ආසාවන් පිරෙයි
ජිවිතය අරඹන්න
ඉතින් අවසර දෙන්න
ඔබෙ ගතේ දැවටෙන්න
ජිවිතය ගෙවමු දැන්
'අපි' ලෙසින්......